General25 April 2017

නීති දැඩිවීම ගැන හබරණ අලි සෆාරි හිමිකරුවන් කනස්සල්ලෙන්

අලි සෆාරි සඳහා දැඩි නීති හඳුන්වාදීමට තිරසර සංවර්ධන සහ වනජිවි අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට හබරණ අලි සෆාරි හිමියන්ගේ සංගමය විරෝධය පළ කරනවා.

නව නිතී රීති මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔවුන් පවසන්නේ.

හබරණ අලි සෆාරි භුමියේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සමිබන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු අලි සෆාරි හිමියන්ගේ සංගමයේ ලේකම් සමන්ත ගනේගොඩ සඳහන් කළේ කාලයක සිට සිදු කරන තම රැකියාව අහිමි වුවහොත් ජීවිතය ගෙන යාමේ ගැටළුවකට සෆාරි අලි හිමියන් මුහුණදෙන බවයි.

පැනවීමට තීරණය කර ඇති නීතිරීති සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද තමන් සූදානම් බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes