General25 April 2017

දිද්දෙණිය මංකොල්ලයේ CCTV දර්ශණ එළියට

හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එම වෙළඳසැල කොල්ලකන ආකාරය වෙළඳසැලේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙනවා.

පසුගිය 16 වැනිදා රාත්‍රියේ මේ කොල්ලකෑම සිදුකර තිබුණේ යතුරුපැදි දෙකකින් ගිනි අවි අතැතිව පැමිණි කොල්ලකරුවන් 4 දෙනෙක්.

මොවුන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක්ද, රුපියල් 60,000 කට ආසන්න දුම්වැටි තොගයක් මෙන්ම වෙළඳසැලේ සේවය කළ කාන්තාවගේ රුපියල් 25,000 ක් වටිනා රන් මාලයක්ද කොල්ලා කා පලා ගොස් තිබුණා.

මොවුන් වාද්දුව, කලුතර සහ කොස්ගම ආදි ප්‍රදේශවලද කොල්ලකෑම් රැසක් සිදුකළ කණ්ඩායමක් බවයි පොලිස් පරීක්ෂණවලදි හෙළිව ඇත්තේ.

වීඩියෝව පහතින්....

Related recommendation
Hiru TV News | Programmes