General26 April 2017

ආසන සංවිධායකවරු පත් කිරීම පළිගැනීමක් නොවේ - නිදහස් පක්ෂ මහලේකම්

ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් එම තනතුරු වලින් ඉවත් කිරිමට කටයුතු කළේ පලිගැනීමේ චේතනාවකින් නොවන බව නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දෙමින්.

හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉවත් කිරීම සහ ඔහුගේ පුතු පළාත් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන කතා කිරීමට තමන් අකමැති බව අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී කියා සිටියා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මැයි දින සැමරුම පිළිබඳව මෙම මාධ්‍ය හමුවේදි පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ සැබෑ නිදහස් පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගනයේ දී බවයි.

Related recommendation
Hiru TV News | Programmes