General28 April 2017

ගාලූ මුවදොර මැයි රැළියට එක්වන නිදහස් පක්ෂ සාමාජිකයින්ට විනය ක්‍රියාමාර්ග

ගාලූ මුවදොර පැවැත්වෙන මැයි රැලියට සහභාගි වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එහි මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

එම පක්ෂයේ මෙවර මැයි රැලිය පැවැත්වෙන මහනුවර - ගැටඹේ ක්‍රීඩාංගනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට ඊයේ (27) එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ සම්පූර්ණ වගකීම පක්ෂ නායකත්වය භාරගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුර අහිමි කිරීමෙන් ශක්තිමත් වන්නේ එක්සත් ජාතික පක්ෂය බවයි.
Related recommendation
Hiru TV News | Programmes