International28 April 2017

උතුරු කොරියානු අර්බුදයට පුටින්ගෙන් විසඳුමක්

උතුරු කොරියානු අර්බුදය විසඳීම සඳහා එරට සමඟ සාකච්ඡා යළි ආරම්භ කළ යුතු බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

මොස්කව් නුවරට පැමිණි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවීමෙන් අනතුරුවයි රුසියානු නායකයා ඒ බව කියා සිටියේ. උතුරු කොරියානු යුද උණුුසුම හමුවේ දකුණු කොරියාව මෙන්ම, ජපානය ද උතුරු කොරියානු න්‍යෂ්ටික ප්‍රහාරයක අවදානමට ලක්ව සිටිනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වැඩිදුරටත් සඳහන් කළේ අදාළ පාර්ශවයන් අතර සාමකාමී, ඵලදායි සංවාදයක් ඇතිවිය යුතු බවයි.

එහිදී යුදකාමී වචන හරඹවලින් වැළකී සිටිය යුතු බවට ඔහු සියලූ පාර්ශවයන්ට අවවාදයක් ද ලබාදුන්නා.
Related recommendation
Hiru TV News | Programmes