General02 May 2017

පවතින උණුසුම් කාලගුණය නිසා කොළඹ ජාතික රෝහලෙන් අනතුරු ඇඟවීමක්

පවතින උණුසුම් කාලගුණයත් සමග හිරු එළියට වැඩිපුර සිරුර නිරාවරණය කර තැබීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අදාළ රෝගී තත්ත්වයන් පිළිබඳව පැහැදිළි කරමින් ඔහු කියා සිටියේ අධික උණුසුම හේතුවෙන් හිසරදය, ක්ලාන්තය, විඩාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි.

පිරිසිදු ඇඳුම් භාවිත කිරීම, නියමිත ප්‍රමිතියෙන් යුත් අව් කණ්නාඩි භාවිතය, ජලය නිතර නිතර පානය කිරීම එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා ගතයුතු පියවර බවයි වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

මේ අතර කොළඹ - ගාලූමුවදොරපිටියේ පැවැති මැයි රැළියට සහභාගි වූ අවස්ථාවේදී හදිසියේ රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයින් තුන්දෙනා ප්‍රතිකාර ලබා අද දිනයේ රෝහලෙන් පිටව ගිය බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම මැයි රැළියට සහභාගිවූ දෙදෙනෙකු අධික තෙහෙට්ටුව හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් මහනුවර සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිකරුවන්. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අද හෙළිවුණේ ඔවුන් හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි.

මේ අතර කැම්බල් පිටියේ පැවැත්වූ මැයි රැළියට පැමිණ යළි තම නිවෙස වෙත පිටත්ව ගිය පුද්ගලයෙකු ඔහු ගමන් ගත් බස්  රථයෙන් වැටී අද අලූයම මියගොස් තිබුණා.

ඒ, සීගිරිය - පිදුරංගල ප්‍රදේශයේදියි. 
Related recommendation
Hiru TV News | Programmes