General02 May 2017

අවධානමක් හේතුවෙන් මීතොටමුල්ලේ පවුල් 8 ක් ආරක්ෂිත ස්ථාන වෙත

මීතොටමුල්ල කසළ කන්ද යළි අස්ථාවර වීමේ අවදානමක් හේතුවෙන් පවුල් 8 ක් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ඉදිකෙරුණු තාවකාලික නිවෙස් වෙත යොමු කෙරුණා.

මිතොටමුල්ල - නාගහමුල 101 වත්ත ප්‍ර දේශයේල කසළ කන්ද අසල අවදානම් කලාපයේ රැදි සිටි පවුල් 8 ක් ඊයේ රාත්‍රියේ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

ඒ අනුව ඔවුන් ඊයේ රාත්‍රියේම මිතොටමුල්ල වී ගබඩාව වෙත පැමිණියා.

කසළ කන්ද නායයාමෙන් විපතට පත්වූවන් ඇතුළු පවුල් 36 ක පිරිස් මේ වනවිට වී ගබඩාවේ රැදී සිටිනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සිවිල් ආරක්ෂක බලකාය විසින් අද එම පවුල්වෙත බෙදා දුන්නා.

මේ අතර, විපතට පත්වූවන් රැදී සිටීම හේතුවෙන් වසා තිබුණු ටෙරන්ස් ද සිල්වා විද්‍යාලය නවීකරණය කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු සදහා අද යළි ආරම්භ වුණා.

මහනුවර, ගොහාගොඩ කසළ කන්දේ විවිධ වායූන් විදාරණය වීමක් සිදුවන අයුරු අප පසුගිය බ්‍රහස්පතින්දා අප පෙන්වා දුන්නා.

දිගින් දිගටම කසළ කන්ද තුළ එවැනි වායුන් හට ගැනීමෙන් කන්ද නායයාමේ අවදානමක් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

Related recommendation
Hiru TV News | Programmes