General03 May 2017

සංක්‍රමණික යාත්‍රාවේ පිරිස ගැන මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක්

නාවික හමුදා භාරයට ගනු ලැබූ සංක්‍රමණික යාත්‍රාවේ සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පිරිස මේ මස 16 වනදා දක්වා තවදුරටත් රඳවා තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ටී. කරුණාකරන් කියා සිටියේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හරහා මෙම පිරිස පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.

එමෙන්ම මෙම පිරිස මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීම සඳහා එහි පහසුකම් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

දැනට මෙම පිරිස යාපනය රක්ෂිත බන්ධනාගාරයට යොමුකර ඇති බව සඳහන්.

පසුගිය 30 වනදා කන්කසන්තුරයට මුහුදු සැතපුම් 12 ක් ඈත මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ තිස් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම පිරිසේ 30 දෙනෙකු මියන්මාර ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා ඉන්දියානු ජාතිකයන්.

මියන්මාර ජාතිකයන් 30 දෙනා අතර කුඩා ළමයින් 16 දෙනෙකු ද සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes