General04 May 2017

අකුණුසැර වැදුනු කාන්තාවන් 3 ක් රෝහලට (ඡායාරූප)

අධික වර්ෂාපතනයත් සමග ඇතිවු අකුණු සැර වැදීමකින් කම්පනයට පත් කාන්තාවන් 3 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

මධ්‍යම කඳුකරයට අද පස්වරුවේ ඇතිවු වැසි තත්වයත් සමග මෙම අකුණු සැර වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පස්වරු 4 ට පමණ මෙලෙස අකුණු සැර වැදීමෙන් කම්පනයට පත්වී ඇත්තේ හැටන් ප්‍රදේශයේ වතු යායක සේවය කරමින් සිටි කාන්තාවන් තුන්දෙනෙක්.

ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත්තේ දික්ඔය මුලික රෝහලටයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රී කාලයේදීත් ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බවයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමී්ටර් 50 කට වඩා තද වැසි ද ඇතිවනවා.

එමෙන්ම වැසිත් සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ
Related recommendation
Hiru TV News | Programmes