General04 May 2017

කොළඹ රථ වාහන වැරදි කළ 79 කට නීතිමය පියවර

අද කොළඹ සිදුවු විශේෂ මෙහෙයුමෙන් රථ වාහන නීති කඩ කළ 79 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මෙම රථ වාහනවල රියදුරන්ට දඩ පත්‍රිකා නිකුත් කර ඇති අතර දඩ පත්‍රිකා නිකුත් කළ නොහැකි රථ වාහන වැරදි සඳහා අධිකණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ නගරය ආවරණය වන පරිදි මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කෙරුනේ උදෑසන 7 සිට 10 දක්වා සහ දහවල් 12 සිට සවස 3 දක්වායි.

එහිදී පෞද්ගලික ආයතනයකින් ලබාදුන් මෝටර් රථ 7 කින් සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් කොළඹ අවට සංචාරය කරමින් මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩන රියදුරන් සම්බන්ධයෙන් විමර්ශණ කර තිබුනා.

එහිදී වමෙන් රිය නොපැදවු 18 දෙනෙක් / මංතීරු මාරු කර අවහිර කළ 29 ක් / දකුණේ නීතිය පිළි නොපැදීම සම්බන්ධයෙන් 4 දෙනෙක් / විදුලි සංඥාවලට විරුද්ධව රිය ධාවනය කළ 6 ක් / ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කළ 5 ක් මෙන්ම බස් නැවතුමෙන් පිටත බස් රථ නවතා මාර්ග අවහිර කළ රියදුරන් 6 දෙනෙක්ට ද දඩ පතිකා නිකුත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම මෙහෙයුම ඉදිරියේදී දීප ව්‍යාප්තව සිදු කිරීමට ද පියවර ගන්නා බවයි.
Related recommendation
Hiru TV News | Programmes