General04 May 2017

ගම්පොල පැහැර ගැනීම ගැන තොරතුරු රැසක්

පැහැර ගැනිමට ලක් වූ බවට වාර්තා වුණු ගම්පොළ ගගවට ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකහමාරක් වයසැති පිරිමි දරුවා සහ 26 හැවිරිදි තරුණයා සෙවිම සඳහා පොලිස් කණ්ඩායම් 03 ක් යොදවා තිබෙනවා.

ඊයේ (03) පස්වරුවේ සිට ඔවුන් අතුරුදන්ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබුණේ දරුවාගේ මවයි.

දරුවා සමග අතුරුදන් වූ තරුණයා පවුලේ ඥාතියෙකු බවත්, තම සැමියාට දිවා ආහාරය රැගෙන ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් අතුරුදන්වී ඇති බවත් එහි සදහන් වනවා.   

මේ අතර, අද (04) පස්වරුවේ පුද්ගලයෙකු පැහැර ගැනිමට ලක්වු තරුණයාගේ ජංගම දුරකතනයෙන් දරුවාගේ පියාට ඇමතුමක් දී දෙදෙනාම නිදහස් කිරිමට රුපියල් ලක්ෂ 30 කප්පම් මුදලක් ඉල්ලා තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

පසුව දරුවාගේ පියා විසින් එම කප්පම් මුදල රුපියල් ලක්ෂ 10 දක්වා අඩු කරගෙන ඇති බව සඳහන්.

දරුවා සමග පැහැර ගැනිමට ලක් වූ 26 හැවිරිදි තරුණයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

මේ අතර, මැයි පළවනදා ගාලූමුවදොර පැවැති මැයි රැළියට සහාභාගි විම සඳහා පැමිණ අතුරුදන්වූ 67 හැවිරිදි පුද්ගලයා ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.

Related recommendation
Hiru TV News | Programmes