දිවයිනේ දිස්ත්‍රික්ක 7කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 81 දෙනෙකු මිය ගොස් තවත් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී තිබෙනවා.
මාතර, ගාල්ල, කළුතර, රත්නපුර, හම්බන්තොට, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට මෙලෙස අයහපත් කලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රකාශ කළේ.
මේ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නාය යාම් සහ ජල ගැලීම් සිදුව ඇති ප්‍රදේශවලට බාහිර පුද්ගලයින් පැමිණීමෙන් වළකින ලෙස පොලීසිය ඉල්ලීමක් කළා.
එම ප්‍රදේශයන් වෙත බාහිර පුද්ගලයන් පැමිණීම හේතුවෙන් විශාල මාර්ග තදබදයක් හටගෙන ඇති අතර, ආපදාවලට ලක්වූ පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් කටයුතුවලට බාධා මතුව තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර, කොළඹ නගරයට ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ, කොළොන්නාව, කඩුවෙල, වත්තල, කැළණිය යන ප්‍රදේශ ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ස්වභාවික ඇල මාර්ග හා ජල මාර්ග අවහිර වන සේ ගොඩනගා ඇති ඉදිකිරීම් අදාළ නගර සභා, ප්‍රාදේශීය සභා දැනුවත් කිරීමෙන් අනතුරුව කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
හදිසි ගං වතුර තත්ත්වය හේතුවෙන් මාතර, තංගල්ල සහ ඉංගිරිය - රත්නපුර මාර්ගයේ ඇතැම් ස්ථානවල ජල නළ පද්ධති බිද වැටී ඇති බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය පවසනවා.
මේ හේතුවෙන් ප්‍රදේශයන්හි ජල නළ පද්ධති හා පානීය ජල ගැටළු පිළිබදව දැනුම් දීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
Friday, 26 May 2017 - 14.57
----------------------------------------------------------------------
කලුතර නායයාම්වලින් 37 ක් මරුට - රත්නපුරයෙන් මරණ 28 ක්
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම්වලින් පුද්ගලයන් 37 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම් යූ.ඩී. ජයලාල් ප්‍රකාශ කළේ තවත් 70කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ අධික වර්ෂාව සහ සුළං තත්වය හේතුවෙන් බදුරළිය ඩෙල්කිට්වත්ත නාය යාමෙන් නිවාස 3 ක් පස්වලට යටවී ඇති අතර එම නිවාසවල 11 දෙනෙකු පදිංචිව සිට ඇති බවයි.
ඉන් එක් අයෙකු බේරාගෙන ඇති අතර මෘත ශරීර දෙකක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කොස්ගුලන ප්‍රදේශයේ නායයාමකින් නිවාස 3 කට අලාභ හානි සිදුව තිබෙනවා.
බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ / ගල්කැටිය / මෝල්කාව / ඉහළ වෙල්ගම / යටගම්පිටිය / දියකඩුව / නාගහදොළ / කුකුලේගල / පාහියන්ගල පාර සහ කලවැල්ලාව යන ප්‍රදේශවල අඩි 10 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.
පොලිසිය නිවේදනය කළේ මේවන විට ලැබී ඇති තොරතුරු අනුව තිබ්බොටුවාව කන්ද නායයාමෙන් නිවාස 3 කට හානි සිදුව ඇති බවයි.
එහි සිට නිවැසියන් 12 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මේ අතර මොරවක වත්ත නායයාමෙන් 4 දෙනෙකු මරණයට පත්වු අතර 16 දෙනෙකු අතුරුදන්වී ඇතැයි සඳහන්. නිවාස 12 කට මෙම නායයාමෙන් හානි සිදුව තිබෙනවා.
කොබවක ප්‍රදේශයේ නායයාමකින් නිවාස 2 ක් යටවී ඇති අතර පුද්ගලයන් 9 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
යටගම්පිටිය නායදොළ ලොග්ගෙවත්ත නිවාස 2 ක් වායයාම හේතුවෙන් පුද්ගලයන් 3 ක් අතුරුදන් බවයි පොලිසිය සඳහන් කළේ.
බෝගහවත්ත මහගම ප්‍රදේශයේ නිවාස 4 ක් නායගොස් ඇති අතර පුද්ගලයන් 10 ක් පමණ අතුරුදන්ව ඇතැයි සඳහන්.
එක් පුද්ගලයෙක් තුවාල ලබා බුලත්සිංහළ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පැලවත්ත නගරයේ සිට කුම්බදුව දක්වා අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති බැවින් වාහන ගමනාගමනය ඇණහිට ඇති බවයි පොලිසිය කියාසිටියේ.
බඹරැල්ල / වලල්ලාවිට / පොල්ගම්පල ප්‍රදේශ අඩි 4 ක් පමණ මේවන විට ජලයෙන් යටවී තිබෙනවා.
මතුගම දික්පිටිය හංදියේ අඩි දෙක හමාරක් පමණ සහ මතුගම හොරණ මාර්ගයේ කුඩලිගම ප්‍රදේශයේ අඩි 8 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අලුත්ගම මතුගම මාර්ගයේ ඕවිටිගල ප්‍රදේශයේ ද අඩි 3 ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.
වැලිපැන්න ප්‍රදේශයේ පොලිස් ස්ථානය ඉදිරිපිට අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මෙම තත්වය හමුවේ අලුත්ගම මාර්ගයේ ගමනාගමනය ඇණහිට තිබෙනවා.
වැලිපැන්න අධිවේගී පිවිසුම අසල කොකාවිල ප්‍රදේශයේ අඩි 4 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර මතුගම සිට අධිවේගී පිවිසුමට ගමනාගමන කටයුතු ඇණහිට තිබෙනවා.
තිනියාවල 18 කණුවේ සිට 19 කණුව දක්වා ප්‍රදේශයේ නාය යාමක් සිදුව ඇති අතර 20 කණුවේ සිට 21 කණුව දක්වාත් නායගොස් තිබෙනවා.
මේ හේතුවෙන් තිනියාවල පැලවත්ත මාර්ගයේ ගමනාගමනය ඇණහිට ඇතැයි සඳහන්.
වීරකන්ද ප්‍රදේශයේ නායයාමෙන් නිවාස 4 කට අලාභ හානි සිදුව ඇති අතර පිරිමි පුද්ගලයන් දෙනෙකක් සහ කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ජල ගැලීම් සහ නායයාම් තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 28 ක් වාර්තා වී ඇති බවයි.
මේ අතර නෙලුව දුලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ කාන්තා නේවාසිකාගාරයට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් අතුරුදන්වු කාන්තාවන් 6 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවනවා.
පොලිසිය නිවේදනය කළේ පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එහි කාන්තාවන් 10 දෙනෙකු සිට ඇති බවයි.
ඉන් 4 දෙනෙකුගේ සිරුරු මේවන විට හමුවී තිබෙනවා.
පොලිසිය සහ ගුවන් හමුදාව එක්වයි අතුරුදන්වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන්නේ.
එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිස් මුදා ගැනීම සඳහා යුද හමුදාවේ 300කට වැඩි භට පිරිසක් එක් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ සහන සේවා සදහා නාවික හමුදාවේ නිලධාරීන් 150කට වැඩි පිරිසක් ද එක් කර ඇති බවයි.
විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් ද, අවශ්‍ය භට පිරිස් ස්ථාන ගත කිරිම සඳහා එම්.අයි. 17 යානා දෙකක් ද යොදවා ඇති බව ඔහු සඳහන් කළා.
එමෙන්ම ආපදාවට ලක්වූවන් සහ එම ස්ථාන පිළිබදව තොරතුරු රැස් කිරීම සඳහා ගොඩබිමට සහ ජලයට ගොඩබැස්සවිය හැකි යානාවක් ද මෙහෙයුම් සඳහා යොදවා ඇති බවයි හමුදා ප්‍රකාශකවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම 0112 343 970 දුරකථන අංකයෙන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගත හැකියි.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අවදානම් තත්ත්වයට මුහුණදීමට විශේෂ ආපදාකරණ කමිටුවක් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පත් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ ආපදා තත්ත්වය යටතේ විවිධ හදිසි අනතුරු, දියේ ගිලීම්, වසංගත රෝග පැතිර යාමේ අවදානම් මතුවිය හැකි බවයි.
හම්බන්තොට - මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බැවින් ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් වන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
මේ හේතුවෙන් වීරකැටිය, අගුණුකොළපැලැස්ස, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව අවදානයෙන් සිටින්නැයි ඔහු ඉල්ලීමක් කරනවා.

ඡායාරූප - අකුරැස්ස අජිත් ලංකාතිලක

Latest News
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026
අමෙරිකාව සහ ඉරානය අතර නව වටයේ සාකච්ඡා යහපත් ලෙස සිදුකෙරෙන බව ජනපති ට්‍රම්ප් කියයි
Local
05 August 2026
උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිලිත් ජයවීර ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා - කොටුව මහේස්ත්‍රාත්
Local
05 August 2026
LPL ඉතිහාසයේ නව වාර්තාවක්: ගාල්ලට එරෙහිව යාපනයෙන් දැවැන්ත ලකුණු 242ක්
Local
05 August 2026
ජූලි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස ඉහළට
Local
05 August 2026
හෙට ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
05 August 2026
මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
Local
05 August 2026
තමන්ට එරෙහි අසත්‍ය චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව නීතිඥ රජීව් අමරසූරිය පවසයි
Local
05 August 2026
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වැනි මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි
Local
05 August 2026