General06 July 2017

මල්වතුඔය ජලාශ ව්‍යාපෘතිය වසර අවසානයේදී ආරම්භ කිරීමට සැලසුම්

මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 300 ක්. මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතියෙන් එක්රැස් කිරීමට අපේක්ෂිත ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 66,416 ක් වන අතර, ඊට සමගාමීව තන්තිරිමලේ ප්‍රදේශයේ අංග සම්පූර්ණ නගරයක් ද ඉදිකිරීමට නියමිතව තිබෙනවා.

ව්‍යාපෘතිය 2020 වන විට අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes