කෙරවලපිටිය ටෙන්ඩරය ගැන විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි - පාඩුව මිලියන 15,000ක්

Sunday, 13 August 2017 - 19:21

%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+15%2C000%E0%B6%9A%E0%B7%8A
ඉදිකිරීමට යෝජිත කෙරවලපිටිය විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ නොසලකා හරින්නේ නම්, ඉදිරියේදී එම තාක්ෂණික කමිටුවලට තම සංගමය සහභාගි කරවීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තාක්ෂණික කමිටුවේ නිර්දේශවලට පටහැනිව කටයුතු කරන්නේ නම්, වාර්ෂිකව රජයට රුපියල් මිලියන 15,000කට අධික පාඩුවක් සිදුවන බවයි.

මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් මෙම කෙරවලපිටිය විදුලි බලාගාරය සඳහා රජය ටෙන්ඩර් කැදවූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් 08ක් අතරින් සමාගම් 06ක් සඳහා තාක්ෂණික කමිටුවේ නිර්දේශ ලැබී තිබුණා.

ඒ අනුව සමාගම් 06 අතුරෙන් මිල ගණන් සලකා බලා එක් සමාගමක් තෝරා ගැනීම සුදුසු බවටයි කමිටුව නිර්දේශ කළේ.

කෙසේ වෙතත්, ටෙන්ඩර් මණ්ඩලය සමාගම් හයෙන් එක් සමාගමක පමණක් ටෙන්ඩරය විවෘත කර තිබුණා.

එහිදී අනෙකුත් සමාගම් ඊට විරෝධය පළ කළ බව සඳහන්.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් ද විමසීමක් කළා.

අමාත්‍යවරයා සදහන් කළේ ඒ පිළිබදව සොයා බැලීමක් සිදුකරන බවයි.

කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා නිසා පවතින නියං සහිත කාලගුණ තත්වය සමඟ ඉදිරි වසර කිහිපය තුළ දී ඉහළ යන විදුලි ඉල්ලුම හේතුවෙන් තවදුරටත් නව විදුලි බලාගාරයක අවශ්‍යතාවය දුරස් වී යනු ඇති.

මේ හේතුව නිසා යළිත් වරක් ටෙන්ඩර් කැදවීමක් සිදුවුවහොත් එය රටේ විදුලි ඉල්ලුමට බලපාන බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories