දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කුලී රථ නැවතුම්පොළේ තිබී ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළසිරුරක් අද (05) අලුයම සොයාගෙන තිබෙනවා.
පොලුවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිස් මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ දඹුල්ල, කලුන්දෑව, වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සනත් කුමාර නැමැති 34 හැවිරිදි තරුණයෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඝාතනයට ලක්වූ තරුණයා නිරන්තරයෙන් දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලීසිය පවසන්නේ.
අදාල තරුණයා ඝාතනය වන විටත් කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව සඳහන්.
දඹුල්ල නගරයේ කුලී රථ නැවතුම්පොළේ අලුයම 2ට පමණ මොහු වැටී සිටිනු දුටු පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් දඹුල්ල පොලිසියට දැනුම් දී තිබෙනවා.
ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී පුද්ගලයාට පහර දුන් බවට සැකකෙරෙන ලී දඩු සහ මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක්, අත් ඔරලෝසුවක් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරිය කියා සිටියේ මියගිය තම සහෝදරයාගේ දුරකථනයෙන් අලුයම 3ට පමණ කිසියම් පුද්ගලයෙකු තමන්ට ඇමතුමක් ලබා දී පරුෂ වචනයෙන් බැණ තම සහෝදරයා ඝාතනය කළ බවට පැවසූ බවයි.
මිය ගිය තැනැත්තා කලක සිට කාන්තා ඇඳුමෙන් සැරසී රාත්‍රී කාලයේ නගර ආශිතව කාලය ගත කිරීමටත්, කාන්තාවන් ඇසුරු කිරීමත් සිදුකරන බවත් ඔහු ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සිටින බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇතැම් දිනවල රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබුණු අයෙකු බවයි.
ඝාතනයට හේතු වූ සිද්ධිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඡායාරූප - දඹුල්ල, කාංචන කුමාර

Latest News
ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ටෙහෙරානයේ ඉමාම් හෝමේනි ගුවන් තොටුපළේ මෙහෙයුම් අත්හිටුවයි
Local
08 June 2026
පිලිපීනයට රික්ටර් මාපකයේ 8.2ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක්
Local
08 June 2026
ඉරානයේ මිසයිල ප්‍රහාරවලට පළි නොගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඊශ්‍රායල අගමැතිගෙන් ඉල්ලයි
Local
08 June 2026
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026
ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වයට පුටින්ගෙන් දැඩි සහයෝගයක්
Local
07 June 2026
"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ
Local
07 June 2026
"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්රිගෙන් සටහනක්
Local
07 June 2026
ඓතිහාසික මොනාකෝ FIA ෆෝමියුලා 3 තරග බිමේදී යෙවාන් ඩේවිඩ්ගෙන් අතිවිශිෂ්ට ධාවනයක්
Local
07 June 2026
Monaco Grand Prix මෝටර් රථ තරගාවලියේ ජයග්‍රහණය ඇන්ටොනෙලී සතු වෙයි
Local
07 June 2026