රුපියල් කෝටි 2520 කට අධික පරිපුරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පසුගිය අගෝස්තු මාසය සඳහා මූලධන සහ පුනරාවර්ථන වියදම් ලෙස දක්වා ඇති එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමුකළ යුතු බවයි.
පසුගියදා රජයට පවරා ගැනුනු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ මෙහෙයුම් වියදම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් අගෝස්තු මාසයට අදාළව රුපියල් කෝටි 9 ක මුදලක් එමඟින් වෙන්කර තිබෙනවා.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජාතික විගණන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අද භාරදී තිබෙනවා.
මේ අතර, හම්බන්තොට විරෝධතාව අතරතුරදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

Latest News
පොලිසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Local
07 August 2026
කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්: තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්
Local
07 August 2026
අමෙරිකානු පුරවැසිභාවයට ට්‍රම්ප්ගෙන් යළි සීමා: නව විධායක නියෝග දෙකක්
Local
07 August 2026
ළමා ආරක්ෂාවට හානි කළ බවට Meta සමාගමට ඩොලර් මිලියන 567ක තවත් දඩයක්
Local
07 August 2026
අහස වලාකුළින් බරවෙයි: ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 දක්වා තද වැසි
Local
07 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026