කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් ඩාටුගම ප්‍රදේශයේ රජයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිසුවියකට එහි විනය පාලක කමිටුව සහ විදුහල්පතිවරිය විසින් ලබා දුන් අපූරු දඬුවමක් නිසා ඇය මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මඩාටුගම- හැවැන්තැන්නේගම ප්‍රදේශයේ පදිංචි ඉතා දිළිඳු පවුලක ජීවත් වූ මෙම සිසුවිය ආහාර නොමැතිකම නිසා කුසගින්නේ පාසල් යන වාර ගනන අනන්ත බවයි අප වාර්තාකරු පවසන්නේ.
මීට දින කිහිපයකට පෙර උදේ ආහාරය නොගෙන මෙම සිසුවිය සිය පාසැලට ගොස් තිබෙනවා.
එහි දී ඇය පාසලේ වමනය කර ඇති අතර තවත් සිසුවියන් තිදෙනෙකු විද්‍යාලයේ විදුහල්පතිනිය ද මේ බව දැනුම් දී ඇත්තේ එම සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින්.
කිසිවක් සොයා නොබැලූ විදුහල්පතිනිය වහාම විනය මණ්ඩලයේ ගුරුවරුන් කිහිප දෙනෙකු ද සමඟ සාකච්ඡා කොට පැය කිහිපයක් ඇතුලත මෙම සිසුවියගේ දෙමව්පියන් පාසලට ගෙන්වා සිසුවිය ගැබ් ගෙන ඇති බව පවසමින් විදුහලෙන් අස්වීමේ ලිපිය ලබා දී පාසලෙන් ඉවත් කර යවා තිබෙනවා.
නිසි අධ්‍යාපනයක් සමාජ වටපිටාවක් නොමැති ඉතා අසරණව ජීවත් වන දෙමව්පියන් දෙදෙනා රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දැරිය දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
විදුහල්පතිනිය කි දේ දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.
දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් මෙම දැරිය දින කිහිපයක් තබා ගෙන පරික්ෂා කර බලා නිගමනය කළේ මෙම දැරියට කිසිදු අතවරයක් හෝ ගැබ් ගැනීමක් සිදුව නැති බවයි.
දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ගාමිණී සේනානායක ගෙන් අප විමසීමේ දී කියා සිටියේ නාරි හා ප්‍රසව වෛද්‍යවරියත් , අධිකරණ වෛද්ය නිලධාරීවරයා මෙම සිසුවිය දැඩි ලෙස පරීක්ෂා කර බැලූ බවත් එවැනි කිසිදු හානියක් මෙම දැරියට සිදු ව නොමැති නිසා රෝහල මගින් මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශයට පවා පැමිණිලි කරනු ලැබූ බවයි.
මෙම සිසුවිය තවමත් දඹුල්ල රෝහලේ තබා ගෙන සිටින බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිසුවිය දැඩි මානසික පීඩනයකට පත්ව සිටින නිසා ඇයගේ මනස සැකසීම සඳහා ඇයව තව දුරටත් රෝහලේ තබා ගෙන සිටින බවයි ඔහු කියා සිටියේ.
දඹුල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරීවරයා පෞද්ගලිකව මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා ළමා ආරක්ෂණ අධිකාරියට පවා පැමිණිලි කිරීම විශේෂත්වයක්.
මෙසේ අසාධාරණයට පත් වූ දැරියගේ දෙමව්පියන් සොයා අප වාර්තාකරු මඩාටුගම හැවැන්තැන්නේගම නම් වූ ගම්මානයට ගියා.
ඉතා කුඩා නිවසක පදිංචිව සිටින මෙම දැරියගේ මව්පියන් දෙදෙනා කුලීවැඩ කරමින් මෙම දරුවා පෝෂණය කරණ බව එහි දී ඔහුට දැක ගන්නට ලැබුනා.
අප වාර්තාකරු එම නිවසට යන විටත් දෙමව්පියන් දෙදෙනා කුලී වැඩට ගොස් සිටියා.
දැරියගේ මව වූ ඩී එම් සෝමාවතී (57) කියා සිටියේ මෙවැන්නක්.
"මගේ දියණිය පිළිබඳව පසුගිය දොළොස්වැනිදා විදුහලේ ගුරුවරයකු විසින් තමන්ට දුරකථනයෙන් කතාකොට පියා ද සමඟ පාසලට එන ලෙස දැනුම් දුන්නා. එහි ගිය පසු තම දියණිය ගැබිනියක වී ඇති බව දැනුම් දී පාසලෙන් රැගෙන යන ලෙස මට දැනුම් දුන්නා. එහෙත් තම දියණිය මේ චෝදනාව දැඩි සිත් වේදනාවෙන්ප්‍රතික්ෂේප කළත් ගුරුවරුන් තනි මතයක සිටියා"
ඉගෙනීමට වඩා දක්ෂතා ඇති තම දියණිය ට විරුද්ධව යම් කිසි සිසුවියන් පිරිසක් සිදුකළ චෝදනාවක් නිසා තමන්ට දියණිය පිළිබඳව බලවත් දුකක් ඇති වන බවද ඇය කියා සිටියා.
ගුරුවරුන් නගන චෝදනාව නිසාම තමන් රුපියල් 500ක මුදලක් ණයට ඉල්ලාගෙන තම දියණිය දඹුල්ල රෝහලට රැගෙන ගිය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
රෝහලේදී දුව නිර්දෝෂිභාවය ඔප්පු වූ බවද ඇය හැඬු කඳුලින් පැවසුවා.
තමන්ගේ එකම බලාපොරොත්තුව තම දියණිය එම පාසලට ම නැවත ඇතුලත් කිරීම බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මන්ද තමන්ට ගමේ හෝ වටපිටාවේ මේ වනවිටත් එළියට බැහැලා ගමන් කිරීමට තරම් නොහැකි තත්ත්වයක් පවතින බවත් තමන් ට ගමෙන් නිවසෙන් පිටව යන ලෙස ගම්මුන් පවා සඳහන් කළ බවද ඇය හඬමින් කියන්නට වූවා.
දැරියගේ පියා වූ එච් බි කිරිබණ්ඩා(66) කියා සිටියේ මෙවැන්නක්.
"මම 2 වසරට පමණක් පාසල් ගියා. බිරිඳ පාසල් ගිහින් නෑ .එහෙත් අපේ දියණියට ඉගැන්වීම සඳහා අපි දෙදෙනා විශාල මහන්සියක් වෙනවා."
එහෙත් අවසානයේදී තම දියණියට සිදුවූයේ කුසගින්න නිසා මෙවැනි තත්ත්වයකට පත්වීම බව ද ඔහු වැඩි දුරටත් සදහන් කළා.
දිනකට එක වේලක් පමණක් ආහාර සොයා ගන්නා බවත් පව්ස්සු ඔහු දැඩි ආර්ථික දුෂ්කරතා නිසා දියණිය සාධාරණය ඉටුකර ගැනීමට නොහැකි බවද ඔහු සඳහන් කළා.
මෙම දියණියට සිදුවූ විශාල අසාධාරණය නිසා කම්පනයට පත් මාපිය යුවල සදහන් කර සිටියේ තම දියණිය සියදිවි හානිකර ගැනීමට උත්සාහ කරන බයි.
ඒහෙත් වෛද්යවරුන් රෝහලේ සේවක සේවිකාවන් ඇයගේ මනස සුවපත් කරමින් සිටින බවද ඔවුන් දෙදෙනා කියන්නට වුනා.
මේ පිළිබඳව කරුණු විමසීම සඳහා අප මඩාටුගම රේවත ආදර්ශ විද්‍යාලයට ගොස් එහි විදුහල්පති තුමිය හමුවීමට උත්සාහ කළා.
විදුහල්පතිනිය විශේෂ ගමනක් ගොස් ඇති බව එහි සිටි ගුරුවරුන් සඳහන් කර තිබෙනවා.
නියෝජ්ය විදුහල්පතිනිය යැයි පැවසූ ගුරුවරියක හමුවන ලෙස එහි ගුරුවරුන් සඳහන් කළ නිසා අප වාර්තාකරු නියෝජ්‍ය විදුහල්පතිතුමිය බව කියූ ගුරුවරියක් ඔහු ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව කරුණු විමසන්නට වූ විට ඇය එකවරම කියා සිටියේ එවැනි සිද්ධියක් විදුහලේ සිදු වී නොමැති බවයි.
ඇයගේ නම පවා සඳහන් කිරීමට අකමැති බවත් කි ඇය විදුහල්පතිනිය මේ බව පැවසූ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලෙසද තදින් කියා තිබෙනවා.
විදුහල්පති එස් කේ ගොඩකන්ද මහත්මිය ට අප වාර්තාකරු දුරකතනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමක් කර තිබෙනවා.
ඇය කියා සිටියේ මෙම සිසුවියගේ කල්කිරියාව හොඳ නැති නිසා මේ තීරණයට පැමිණ විදුහලෙන් ඉවත් කිරීමට සිදු වී තිබෙන බවයි.
ඇය පිළිබඳව ලැබුණු නරක ආරංචි නිසා මෙම තීරණයට එළඹි බව ද පෙරද සිසුවියගේ වැරදි ක්‍රියා රැසක් තිබුණු බව ඇය පැවසුවා.
මෙම සිසුවිය පාසලේ තබා ගැනීමට නොහැකි නිසා දෙමව්පියන් විසින් සිසුවිය පාසලෙන් ඉවත් කර ගෙන ගිය බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඇය සඳහන් කර සිටියේ මෙම සිසුවිය ගැබිනියක් බවට එම සිසුවිය විසින්ම තවත් සිසුවියන් දෙදෙනෙකු සමග සඳහන් කොට තිබූ නිසා මේ තීරණයට එළඹි බවයි.

Latest News
බත්තලන්ගුණ්ඩුවේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කුළුබඩු තොගයක් නාවික හමුදා භාරයට
Local
24 August 2026
"ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ.." : ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අලුත්කඩේ විරෝධතාවය හෙළාදකියි
Local
24 August 2026
දියවන්නා ඔයට වැටුනු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරා ගනී
Local
24 August 2026
ඉන්දියාවෙන් පළමු ඉනිමට ලකුණු 503ක දැවැන්ත ඉලක්කයක්
Local
24 August 2026
පිටකොටුව බස් නැවතුම්පොළේ ‘ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්’
Local
24 August 2026
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026