General23 November 2017

විදුලි සැර වැදීමෙන් විදුලි සේවකයන් දෙදෙනෙකුට තුවාල

මොරවක පරගල ප්‍රදේශයේ විදුලි නඩත්තු කටයුත්තක යෙදී සිටි විදුලි සේවකයකු සහ දොඹකර ක්‍රියාකාරිකයකු විදුලි සැර වැදීමෙන් රෝහල් ගතකර තිබෙනවා.

කොන්ත්‍රාත් සමාගමක සේවකයකු සහ දොඹකර ක්‍රියාකරු දොඹකරයක් ආධාරයෙන් විදුලි කණුවක් නඩත්තු කරමින් සිටියදී විදුලි රැහැනේ ස්පර්ශවීමෙන් අනතුරට ලක්ව ඇතැයි සඳහන්.

ඔවුන් අනතුරෙන් පිළිස්සුම් තුවාළ ලබා සිහිසුන්ව වැටී සිටින අයුරු දැක ප්‍රදේශවාසීන් මොරවක පොලිස් ස්ථානයට දැන්වීමෙන් අනතුරුව තුවාලකරුවන් මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.

අනතුර හේතුවෙන් පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර දොඹකර ක්‍රියාකරු පිළිස්සුම් තුවාල හේතුවෙන් තවදුරත් ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes