General26 May 2018

වතුර මෝටර් සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

ඉපලෝගම - ගන්තිරියාගම ප්‍රදේශයේ වගාබිමක සවි කර තිබූ වතුර මෝටරයක් සොරකම් කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් 39,500ක් වටිනා මෙම වතුර මෝටරය සවි කර තිබූ වගා බිමේ හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර ද මොවුන් සොරකම් කළ වතුර මෝටර් 08ක් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් ඉපලෝගම, කරඹැව සහ විජිතපුර යන ප්‍රදේශවල පදිංචි 23 සහ 35 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන්.

ඔවුන් අද (26) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප - එප්පාවල තිසර සමල්
Related recommendation
Hiru TV News | Programmes