General10 July 2018

ලබන 15 වනදා සිට රථ වාහන දඩ මුදල් වැඩි වෙයි

රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල මේ මස 15 වන දා සිට වැඩි කෙරෙන බව රථ වාහන පොලීසිය පවසනවා.

මීට පෙර දඩ කොළයෙහි සටහන්ව තිබුණේ වැරදි 23ක් වන අතර, එය 33 දක්වා වැඩි කිරීම ද විශේෂත්වයක්.

ඒ අනුව දඩ කොළය ද දිගු වනු ඇති.

මීට අමතරව මාර්ග වැරදි සඳහා අවම දඩ මුදල ලෙස තිබූ රුපියල් 500 රුපියල් 1000 දක්වා වැඩි කර තිබෙනවා.

එමෙන්ම මීට පෙර දින 14ක් ඇතුළත දඩ මුදල ගෙවිය යුතු වුවද, නව ක්‍රමය අනුව තවත් දින 14ක් සඳහා එය දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත්, එහිදී අය කෙරෙන මුදල දෙගුණ වන බවටයි රථ වාහන පොලීසිය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes