General25 November 2018

ගැටුමකින් තවත් පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප)

පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමක් හේතුවෙනුයි මෙම පාසල් සිසුවා මියගොස් ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල - මරක්කලාවත්ත ප්‍රදේශයේ සිසුවෙක්.

පසුගිය 21 වනදා මෙම පහරදීම සිදුවී ඇති අතර, මියගිය දරුවා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.

අනතුරුව ශල්‍යකර්මයකින් පසු ඔහු යළි නාගොඩ රෝහලට මාරුකර එවා තිබූ අතර, අද උදෑසන එම සිසුවා මියගොස් ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාතර - ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මකයි.






ඡායාරූප - අලුත්ගම, තුසිත
Related recommendation
Hiru TV News | Programmes