General15 December 2018

පීඩන අවපාතය හේතුවෙන් සුළෙඟ් වේගය ඉහළට

නිරිතදිග බෙංගාලබොක්කේ පවතින පීඩන අවපාතය හේතුවෙන් සුළෙඟ් වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මේ අනුව දිවයිනට නැගෙනහිර සහ ඊසාන දෙසින් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් පමණ වන අතර, එය විටින් විට පැයට කිලෝමීටර් 90 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පීඩන අවපාතය ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත්, ඉන් පසු පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes