තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
update : Thursday, 07 February 2019 - 21.29
---------------------------------------------------------
ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා.
එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇතැයි සඳහන්.
එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
මේ අතර ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන්ඩර්ස්ට්‍රෝයිගේ නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් බෑගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ සෝදිසියකදී සොයාගෙන ඇතැයි සඳහන්.
මේ අතර අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වනවා.
ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත්තේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහායි.
සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පසුගිය 5 වනදා අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි තරු 6 හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීයි.
එම සාදයට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායන ශිල්පියෙකු වන නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පියෙකු වන රයන් වැන් රෝයන් ද එක්ව සිටියා.
මෙම සාදය පවත්වා ඇත්තේ මාකඳුරේ මධූෂ් සහ ඔහුගේ දෙවන බිරිද වන තිලිණි නිශායා තිලකරත්නට දාව එහිදී උපන් පුතුගේ උපන් දිනය වෙනුවෙන්.
ඇය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුලදී ඝාතනයට ලක්වූ පාතාල නායක කළු තුෂාරගේ බිරිදයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර, මිරිස්සේ සන්ෂයින් සුද්දා, රොටුඹේ අමිල නමැති පාතාල සාමාජිකයින් ද වන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර, මත්ද්‍රව්‍ය හා ඒ ආශ්‍රිත අපරාධ මැඩලීම උදෙසා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙවර අගය කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් වෙත ප්‍රශංසාත්මක ලිපියක් යොමුකර තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ නිර්භීත ක්‍රියා කලාපය පිළිබදව අගය කරන අතරම එවන් කාර්යශූර නිලධාරින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහඟු සම්පතක් බවටයි අග්‍රාමාත්‍යවරයා එමගින් පෙන්වා දෙන්නේ.
එමෙන්ම, කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද පාතාල කල්ලි නායක මධූෂ් අත්අඩංගුවට ගැනීම පිිළිබදව අදහස් පළ වුණා.

Latest News
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට ඇප
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය තිඹිරිගස්කටුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා ලබන 17 දක්වා රිමාන්ඩ්
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවට
Local
03 July 2026