General15 March 2019

කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 60කින් සහ කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ යනවා.

කිරිපිටි සඳහා ද මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුවයි මෙලෙස මිල සංශෝධනය වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes