General21 April 2019

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු මහබාගේදී අත්අඩංගුවට

මහබාගේ - වැලිසරවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 216 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

23 හැවිරිදි සැකකරු කොළඹ 15 පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes