International08 January 2020

ඉරානයට කඩා වැටුණු යානයේ සිටි සියල්ලන්ම මියගොස් ඇති බව හෙළිවේ

ඉරානයේ - ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකදී කඩා වැටුණු යුක්රේන යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 180 දෙනාම එම අනතුරින් මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය තහවුරු කළා.

යුක්රේනයේ, කියෙව් අගනුවර වෙත යාම සදහා ඉරානයේ ඉමාන් කොමේනි ගුවන්තොටුපලෙන් ගුවන් ගත වී සුළු මොහොතකට පසු මෙලෙස අනතුරට ලක්වුණේ බෝයිං - 737 වර්ගයේ ගුවන් යානයක්.

අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 176 කට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු මෙහි ගමන් කරමින් සිට තිබෙනවා.

මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවත්, යානයේ එන්ජිමේ හට ගත් දෝෂයක් ඊට හේතුවී ඇති බවයි ටෙහෙරානයේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය සදහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes