කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය සහ දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණෙමින් සිටිනවා.
ඒ අනුව පසුගිය සතිය තුළ මෙම රටවල් දෙකෙහි සිටි ශ්‍රී ලාංකිකයින් 1800 ක පිරිසක් දිවයිනට පැමිණි බවයි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඊයේ දිනයේදී පැමිණි පිරිසගෙන් වැඩි සංඛ්‍යාවක් ඉතාලියේ සිට පැමිණ ඇති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම මේ වනවිට කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ප්‍රකාශ කළා.
ඇයගේ සැමියාට මෙම වෛරසය ආසාදනය වී නොමැති බවයි එම කොන්සල් කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
මේ වනවිට ඉතාලියෙන් කොරෝනා ආසාදනයන් 2502ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 79ක්.
මේ අතර දකුණු කොරියාව තුල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරුණද එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් නොමැති බව එරට ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ප්‍රකාශ කළා. නිවාඩු ලබාගත හැකි ශ්‍රමිකයින් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පිටත්ව යන බවයි එහි ප්‍රකාශිකාව සඳහන් කළේ.
දකුණු කොරියාවෙන් කෙරෝනා ආසාදිතයන් 5186ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 28ක්.
එමෙන්ම ඉතාලිය සහ ඉරානයේ සිට ගුවන් මෙන්ම නෞකා මගින් මෙරටට පැමිණෙන සියලූම මගීන් දින 15 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ තීරණය කළා.
මේ වනවිට ලොව පුරා කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 92,860ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 3162 දක්වා ඉහල ගොස් තිබෙනවා.

Latest News
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026
බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට
Local
26 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Local
26 June 2026
ප්‍රංශයේ මත්පැන් අලෙවිය සීමා කෙරේ
Local
26 June 2026
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026