General14 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාධිත නව වන සහ දසවන රෝගීන් දෙදෙනා තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඉන් එක් අයෙක් ඉතාලියේ සිට පසුගිය 7 වනදා දිවයිනට පැමිණි 56 හැවිරිදි කාන්තාවක්.

ඇය මේවන විට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

අනෙක් ආසාධිතයා අවුරුදු 17ක ගැහැණු ළමයෙක්.

ඇය මීට පෙර තහවුරු කරගත් රෝගියෙකුගේ ඥාතියෙක් බවටයි හෙළිවී ඇත්තේ.



Related recommendation
Hiru TV News | Programmes