General14 March 2020

කොරෝනා වැළඳී නැතැයි විදේශ ඇමති දිනේෂ් කියයි

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇය පසුගිය සිකුරාදා සිට ස්වයං නිරෝධානයනයට ලක්ව ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළා.

එමෙන්ම මෙම සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී සහ මීට සති දෙකකට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිනිය හා එක්ව රාජකාරි කටයුතු කරමින් සම්බන්ධ වූ කාර්යමණ්ඩලයට ද ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ.

අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහාද පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ මේ දිනවල ඇතැම් වෙබ් අඩවිවල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කෝට්ටේ රජමහා විහාරයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව අදහස් පළ කරමින් කියා සිටියේ රජය කොරෝනා මර්දනය කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යවේදියෙකු ඇතැම් වෙබ් අඩවිවල අමාත්‍යවරයාටද කොරෝනා වැළඳී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ තමන්ට කොරෝනා වැළඳී නොමැති බවයි.
Related recommendation
Hiru TV News | Programmes