General18 March 2020

update: ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට - (වීඩියෝ සහිතයි)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි  කොවිඩ්  - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ නවතම වාර්තා අනුව එම සංඛ්‍යාව අනාවරණ වී ඇති බවයි.

මේ අතර දඹදිව සිට පැමිණෙන සියලූම වන්දනාකරුවන් විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට පියවර ගන්නා බව  කොවිඩ්  - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම වන්දනාකරුවන්ගෙන් පළමු කණ්ඩායම රැගත් විශේෂ ගුවන් යානය අද පස්වරුවේ ඉන්දියාවෙන් පිටත්වීමට නියමිත බවයි.

ඊයේ හමුවූ කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් දෙදෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයන්.

එබැවින් අද සිට දිවයිනට පැමිණෙන දඹදිව වන්දනාකරුවන්ද මෙලෙස නිරෝධායනයට ලක් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි යුදහමුදාපතිවරයා කියා සිටියේ.   

එසේම වහාම ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී සමාජශාලා සහ රේස් බයි රේස් සූදු මධ්‍යස්ථාන වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ දැඩි කොන්දේසිවලට යටත්ව වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරීක්ෂණය පෞද්ගලික රෝහල්වල පිහිටි රසායනාගාර තුළ සිදුකිරිමට අවසර ලබාදෙන බවයි.

----------------------------------------------

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 49 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කොවිඩ්  - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ රෝගීන් අටදෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි.

Related recommendation
Hiru TV News | Programmes