කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දැනට පුද්ගලයින් 218 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 18ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12 දෙනෙකු, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයාගෙන තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3ක්.
ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ද රෝගියෙකු බැගින් සොයාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ. මෙතෙක් තහවුරු කර ගත් කොරෝනා රෝගීන්ගෙන් සියයට 45.2ක් වයස අවුරුදු 41ත්, 50ත් අතර පසුවන්නන්.
මේ අතර, නිරෝධානයන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2463කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
රන්ටැඹේ ප්‍රදේශයේ ද තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට රෝහල් 25ක ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේත් පොදු ස්ථාන රැසක් විෂබීජහරණ කටයුතු සිදුකරනු දක්නට ලැබුණා.
කොටුව දුම්රියපොළ, කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රය, ගුවන් තොටුපළ වැනි ස්ථාන මෙලෙස විෂබීජහරණයට ලක් කර තිබෙනවා.
එමෙන්ම, වැඩබිම් සහ සේවකයින් ගැවසෙන ස්ථාන ඉදිරියේදී විෂබීජහරණය කිරීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මේ අතර, දඹදිව වන්දනාවේ ගොස් චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානයේ රැඳී සිටින අවසන් කණ්ඩායමත් අද දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.
කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඉන්ධන අලෙවිය සියයට 20කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි.
එමෙන්ම, අද පස්වරු 6යේ සිට සඳුදා පෙරවරු 6 දක්වා කාලය තුළ සියළු දුම්රිය අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Latest News
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026
පාකිස්ථාන කාන්තා පිල පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 8ක විශිෂ්ට ජයක් : හර්ෂිතාගෙන් සහ විශ්මිගෙන් ශතක
Local
25 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන-රුසියානු හමුදා ප්‍රවාහන නැව්වලට ප්‍රහාර එල්ල කළ බව සෙලෙන්ස්කි කියයි
Local
25 July 2026
රිලාවලදී අදත් අනතුරක්: දෙදෙනෙකුට තුවාල
Local
25 July 2026