General30 March 2020

පූසෙකුටත් කොරෝනා වැළඳෙයි

බෙල්ජියමේ බළලෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.

අදාළ බළලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් මෙය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ සුරතලා සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහජන සෞඛ්‍ය බලධාරීන් පශු වෛද්‍යවරුන් වෙත උපදෙස් ලබාදී තිබුණ බව සදහන්.

ඒ අනුව සිදු කළ පරීක්ෂණවලට අනුවයි අදාළ කාරණය තහවුරු කරලගෙන ඇත්තේ.

මේ වනවිට මාරාන්තික කොරෝනා වෛරසය, සුරතල් සතුන්‌ට ආසාදනය වීමේ හැකියාවක් පවතින බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

මීට පෙර හොංකොහී සුරතල් සුනඛයින් කිහිප දෙදෙනෙකුටෙ ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes