General03 April 2020

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අට වැදෑරුම් වැඩපිළිවෙලක්

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියයට 80ක ප්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරිම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සංචරණය අවශ්‍ය නොවන නිවෙස් හඳුනා ගැනීම, ආහාර නිෂ්පාදනය කරන පිරිස හඳුනා ගැනීම සහ නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවාහනය මෙන්ම ඒවා මිලදී ගැනීම, සලාක වශයෙන් සකස් කිරීම ආදිය මෙම වැඩපිළිවෙලට ඇතුළත්.

එමෙන්ම, නිවෙස්වලට බඩු බාහිරාදිය බෙදා දීම, අඩුපාඩු පිළිබඳ පැමිණිලි කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහ අනපේක්ෂිත සිද්ධි වාර්තාකරණය හා කළමනාකරණය සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම අදාළ වැඩපිළිවෙලට ඇතුළත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

පවතින තත්ත්වය යටතේ ජාතික මට්ටමේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් මෙම වැඩපිළිවෙල සකස් විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes