General03 April 2020

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019ක් අත්අඩංගුවට

පසුගිය මස 20 වනදා සිට අද දහවල් 12 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 11,019 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේ වාහන 2727ක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එසේම, අද උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා පැය 6ක කාලය තුළ පමණක් පුද්ගලයින් 289 දෙනෙකු සහ වාහන 70ක් අත්අඩංගුවට ගැණුනා.
Related recommendation
Hiru TV News | Programmes