General03 April 2020

නිර්දේශ ඉටු නොකරන වානිජ බැංකුවලට මහබැංකුවෙන් අනතුරු ඇඟවීම්

දුෂ්කරතාවලට මුහුණදී සිටින පහල ස්ථරවල ව්‍යාපාර හා මහජනතාව වෙනුවෙන් මහබැංකුව නිකුත් කරන නිර්දේශ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙස මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් බැංකුවලට දැනුම් දෙනවා.

ඒ අනුව, දිගින් දිගටම යුතුකම් පැහැර හරින බැංකු වලට එරෙහිව අදාළ නීතිරීති යටතේ පියවර ගැනීමට සිදුනොවන පරිදි ක්‍රියා කරන ලෙසයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

රටේ උද්ධමන තත්ත්වයෙහි කළබලවීමට තරම් පසුබිමක් දැනට නොමැති බවත්, මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය පිළිබඳව බරපතල ගැටලූවක් නොමැති බවත්, මහබැංකු අධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.



Related recommendation
Hiru TV News | Programmes