General08 April 2020

මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

මුලතිව් - නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිඔය - ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම පුද්ගලයා හදිසියේ මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු දීර්ඝ කාලයක සිට විහාරස්ථානයේ රැදී සිටිමින් භික්ෂුන් වහන්සේට ආවතේව සිදුකරමින් සිටි අයෙකු බව සදහන්.
Related recommendation
Hiru TV News | Programmes