වවුනියාව - පට්ටානිචූර් ප්‍රදේශයට ඊයේ පස්වරුවේ වර්ෂාවත් සමග හඳුනා නොගත් නිල් පැහැති කැට වර්ගයක් පතිත වී තිබෙනවා. වවුනියාව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන්ට ලද දුරකථන ඇමතුමක් මත අදාල ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද සමග නිරීක්ෂණය කිරීමට ගිය බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ගෙනඑන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම්.
[MP3]s52003_1[/MP3]
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ පත්මනාදන් සත්‍යලිංගම්.
[MP3]s52003_2[/MP3]
මේ අතර ජල මට්ටම ඉහළ යෑම නිසා පරාක්‍රම සමුද්‍රයේ ඊයේ විවෘත කරන ලද වාන් දොරටු 10 අගල් 6 බැගින් තවමත් විවෘතව පවතිනවා. කවුඩුල්ල ජලාශයේද වාන් දොරටු 12 ද තවදුරටත් විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මින්නේරිය වැවේ වාන් දොරටු 7 න් 6 ක්ම ඊයේ දිනයේදී විවෘත කෙරුණා. එය අද දිනයේදීත් විවෘතව තබන බවයි ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. උල්හිටිය ජලාශයේද වාන් දොරටු 7 ක් ඊයේ විවෘත කෙරුණා.
කෙසේ වෙතත් අද දිනයේදීත් දිවයිනේ නැගෙනහිර කොටස්වලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්.
[MP3]s52003_3[/MP3]
මේ අතර අද පස්වරු 3 සිට 5 දක්වා පැය 2 ක කාලයක් වෙරළාසන්න දිස්ත්‍රික්ක 14 ක සුනාමි පෙරහුරුවක් ක්‍රියාත්මකයි. එම නිසා ජනතාව කලබල විය යුතු නොමැති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ පිළිබඳ අදහස් දක්වන එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.
[MP3]s52003_4[/MP3]
Latest News
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
ආණ්ඩුවේ දෙවසර ගතවීම වෙනුවෙන් අද සිට ජන රැලි මාලාවක්
අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමුස් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරයි
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට : දක්ෂතාවය මීටර් 89.04
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට