International11 May 2013

ඕස්ට්‍රේලියාවට ගිනි වළල්ලක්.

පෘථිවිය සහ සූර්යයා අතරට සඳු මැදිවීමෙන් ඇති වූ චමත්කාරජනක සූර්යග්‍රහණයක්  ඕස්ට්‍රේලියානුවන්ට ඊයේ (10) දැක ගත හැකි වුණා. මාස 6ක කාලයක් තුළ  ඕස්ට්‍රේලියාවට දිස් වූ දෙවැනි සූර්යග්‍රහණය මෙයයි. චන්ද්‍රයාට මුවා වූ සුර්යයාගෙන් නික්මෙන අලංකාර ගිනි වළල්ලක් අහස් කුස නිරීක්ෂණය කළ අයට දැක ගත හැකි වූ බවයි  ඕස්ට්‍රේලියානු වාර්තා සඳහන් කළේ. සූර්යග්‍රහණයේ උච්චතම අවස්ථාවේදී හිරු කිරණ සියයට 95ක් ආවරණය වූ අතර, උතුරුදිග  ඕස්ට්‍රේලියාවට මෙන්ම ඉන්දුනීසියාව, නවසීලන්තය සහ දකුණු පැසිෆික් දිවයින්වලට මෙම සූර්යග්‍රහණය දර්ශනය වී තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes