Sports16 May 2013

මුම්බායි ඉන්දියන්ස් ජයගනී.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව ඊයේ දිනයේදී තරඟ දෙකක් නිමාවට පත්වුණා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරඟයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 14 කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 166 ක් රැස් කරගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයමට ලබාගත හැකිවූයේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 157 ක් පමණයි. තරඟාවලියට අදාළව ඊළඟ තරඟය පැවැත්වුණේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතරයි. එම තරඟයෙන් ජයග්‍රහණය කළේ පූනේ වොරියර්ස් කණ්ඩායමයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පූනේ වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 170 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ  ලකුණු 163 ක් පමණයි.

Related recommendation
Hiru TV News | Programmes