General17 May 2013

තලංගම බස් නැවතුම්පොලේ බස් අනතුරෙන් දෙදෙනෙකු මරුට.

තලංගම - කොස්වත්ත, ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට බස් නැවතුම්පොල ආසන්නයේදී අද (17) දහවල් සිදුවූ රිය අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. තුවාල ලැබූවන් රෝහලට ගෙන යන අතරතුර මියගොස් ඇති අතර මියගිය අයෙන් එක් අයෙක් කාන්තාවක්. සිද්ධියෙන් තුවාල ලැබූවන් 5 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබෙනවා. තලංගම පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ 171 කොස්වත්ත - පිටකොටුව බස් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි. රියදුරාට බස් රථය පාලනය කරගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes