General18 May 2013

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලයි.

යටියන්තොට නගරයේ වීඩියෝ අලෙවිසැලක් ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට යටියන්තොට පොලිසිය අද අලූයම සමත්වුණා. ඔහු සතුව තිබී මුද්‍රණය සඳහා යොදා ගන්නා පරිගණක යන්ත්‍ර 3 ක්, මුද්‍රණ යන්ත්‍ර 2 ක් සහ හමුදා නිල ඇඳුමක් සොයා ගෙන ඇති අතර නීති විරෝධී ලෙස මුද්‍රණය කොට තිබූ රුපියල් දහසේ නොට්ටු 7 ක් සහ 500 නෝට්ටු 2 ක් සොයා ගෙන තිබෙනවා. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 32 හැවිරිදි සැකකරු  සතුව තිබී ව්‍යාජ හැඳුනුම්පත් 4 ක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes