International18 May 2013

උතුරු කොරියාව තවත් මිසයිල 3 ක් අත්හදා බලයි.

උතුරු කොරියාව කෙටි දුර මිසයිල 3 ක් අද (18) අත්හදා බලා තිබෙනවා. දකුණු කොරියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඔවුන් මෙම මිසයිල යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්, උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. නමුත්, මේ වනවිටත් උතුරු කොරියාවෙන් ප්‍රහාරයක් එල්ලවුවහොත් එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදා සූදානම් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes