General19 May 2013

ජලාශ සහ ගංගා භාවිතය අවධානයෙන්.


පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ දිවයිනේ බොහෝ ජලාශ මේ වනවිට ජලයෙන් පිරී පවතිනවා. මේ හේතුවෙන් ජනතාව ජලාශ සහ ගංගාවලින් දියනෑමේදී සහ ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු බවයි පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ උප සභාපති, සහකාර පොලිස් අධිකාරි එච්.එච්. චූලසිරි කියා සිටියේ.

 
[MP3]s59229[/MP3]                                                

 
මේ අතර, අරලගංවිල - කන්දකාඩුව ප්‍රදේශයේ මහවැලි ගෙඟ් දියනෑමට ගිය තරුණයෙකු ඊයේ (18) දහවල් දියේ ගිලී මියගියා. තවත් අවුරුදු 12 ක පිරිමි ළමයෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර තවමත් ඔහුගේ සිරුර සොයාගෙන නැහැ.

Related recommendation
Hiru TV News | Programmes