International21 May 2013

මියන්මාර ජනපතිට ඔබාමාගෙන් ප්‍රසාදය.

ඇමරිකාවේ ඓතිහාසික චාරිකාවක නිරතවූ මියන්මාර ජනාධිපති තෙයින් සෙයින් ඊයේ ධවල මන්දිරයේදී ජනාධිපති බැරැක් ඔබාමා හමුවුණා. එහිදී මියන්මාරය වර්තමානයේ ක්‍රියාත්මක කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනාධිපති ඔබාමා මියන්මාර ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මීට පෙර එවකට බුරුමය ලෙස හැඳින්වුණු මියන්මාර නායකයෙකු ධවල මන්දිරයට පැමිණ ඇත්තේ 1966 වසරේදියි. එමෙන්ම ජනාධිපති ඔබාමා ඊයේ ප්‍රථම වරට මියන්මාරය එරට නව නමින් හැඳින්වීමද විශේෂත්වයක්. කෙසේ නමුත් ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ මියන්මාරයේ සුළු ජාතික මුස්ලිම් ජන කොටසට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචන්ඩත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්වන බවයි.

Related recommendation
Hiru TV News | Programmes