Sports21 May 2013

තරඟ පාවාදුන් ශ්‍රීසාන්ත් අද අධිකරණයට.


අයි පී එල් ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු ටෙස්ට් ක්‍රීඩක ශ්‍රීසාන්ත්, අජිට් චන්ඩිලා සහ අන්කීට් චවාන්ගේ කොන්ත්‍රාත්තු අත්හිටුවීමට ඔවුන් නියෝජනය කළ රාජස්ථාන් රෝයල්ස් පිල තීරණය කළා. එමෙන්ම එම ක්‍රීඩකයන්ට එරෙහිව දිල්ලි පොලීසියේ චෝදනාවක්ද ගොනු කිරීමටද රාජස්ථාන් පාලක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. රාජස්ථාන් රෝයල්ස් පිල, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග මෙවර අයි. පී. එල්. තරඟාවලියේ අවසන් වටයේ තීරණාත්මක තරඟයකට අද සහභාගිවීමට නියමිතයි. එහිදී සිය කණ්ඩායම සඳහා අමතර ආරක්ෂාවක් ලබාදෙන ලෙසයි රාජස්ථාන් පිල දිල්ලි පොලීසියෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර තරඟ පාවාදීමේ සිද්ධියේ මූලිකයා ලෙස සැළකෙන ශ්‍රීසාන්ත් වෙත නිරූපිකාවන්ගේ ඡායාරූප සහ විස්තර එවූ බොලිවුඞ් සිනමා අධ්‍යක්‍ෂවරයෙකුගෙන්ද දිල්ලි පොලීසිය අද ප්‍රශ්න කළා. ක්‍රීඩකයන් තරඟ පාවාදීම සඳහා යොමු කරවා ගැනීමට බුකිකරුවන් විසින් මෙම කාන්තාවන් යොදාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ. අත්අඩංගුවට ගැනුනු ක්‍රීඩකයන් තුන්දෙනා ඇතුලූ සැකකරුවන් 11 දෙනෙකු දිල්ලි අධිකරණයට අද ඉදිරිපත් කෙරෙනවා. එහිදී ඔවුන්ගේ ඇප ඉල්ලීම් සළකා බැලීමට නියමිතයි.

Related recommendation
Hiru TV News | Programmes