කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා කොළඹ නගරයෙන් පිටවීමටත් කොළඹ නගරයට ඇතුළුවීමටත් නොමිලේ පහසුකම් සලසා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ පිළිබඳ රියදුරන්ගේ නොදැනුවත්කම හේතුවෙන් නුවර පාරෙන් කොළඹට පිවිසෙන නව කැළණි පාලම අසල රථවාහන තදබදයක් නිරන්තරයෙන් දක්නට ලැබෙන බවයි. කොළඹ නගරයෙන් මීගමුව පාරට ගමන් කරන වාහනවලට නව කැළණි පාලමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කිලෝමීටර් දෙකක් ඉදිරියට ගොස් වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අසලින් මීගමු පාරට පිවිසිය හැකියි. එමෙන්ම, මීගමුව මාර්ගයෙන් කොළඹට පැමිණෙන වාහන සඳහාද මෙම මාර්ගය අනුගමනය කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ. කොළඹ නගරයෙන් නුවර පාරට ගමන් කරන වාහන නව කැළණි පාලමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී කිලෝමීටර් 02 ක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ඉදිරිපිටින් දකුණට හැරී තොරණ හන්දියෙන් නුවර පාරට පිවිසීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම, නුවර පාරෙන් කොළඹට පැමිණෙන වාහන වෙදමුල්ල මංසන්ධියෙන් අධිවේගී මාර්ගයට පිවිසිය හැකියි.
Latest News
කෝටි 5ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන්තොටේදී අත්අඩංගුවට ගත් තායි ජාතිකයින් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට
Local
08 September 2026
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026