General09 March 2020

බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස පහළ යයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වසරක් තුළ අවම අගය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 32 ක් ලෙසයි සටහන් වන්නේ.

1991 වසරෙන් පසු දිනක් තුළ වාර්තාවූ අවම අගය වන අතර, එය සියයට 27 ක පහළ යාමක් බව සඳහන්.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ ඉල්ලුම කැපී පෙනෙන ලෙස අඩුවීම මෙලෙස තෙල් මිල පහත වැටීමට ප්‍රධාන හේතුවක් වන අතර,  නිෂ්පාදන කප්පාදුව දිගුකිරීම සඳහා ඔපෙක් සංවිධානය කළ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කිරීම ද ඊට බලපා තිබෙනවා.

Related recommendation
Hiru TV News | Programmes