Sports31 March 2017

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ධනුෂ්ක රන්ජන්ට

ලබන අප්‍රේල් 7 වනදා සිට 9 වනදා දක්වා හොංකොං හි පැවැත්වෙන ලෝක සත් සාමාජික රග්බි සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම සදහා ධනුෂ්ක රන්ජන් තෝරා ගෙන තිබෙනවා.

කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු මහනුවර ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්.

ධනුෂ්ක රන්ජන් පසුගිය අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ වැඩිම උත්සාහක ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයායි.

පසුගිය වසරේ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ස්ථානය කරා රැගෙන යාමට ඔහු සමත් වුණා.

ලබන අප්‍රේල් දෙවනදා හොංකොං බලා යන ශ්‍රී ලංකා පිල ආරම්භක වටයේදී චිලී, හොංකොං සහ නැමීබියා කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes