Sports10 February 2020

යොවුන් ලෝක කුසලානයේ උණුසුම වැඩි වී අවසන් මහා තරඟයෙන් පසු දෙපිළේම ක්‍රීඩකයන් පිටිය මැද ගුටි ඇන ගනී

ඉන්දියාව පරාජය කරමින් අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානය, තමන් සතු කරගැනීමට බංග්ලාදේශ කණ්ඩායම පළමුවරට ඊයේ (09) සමත්වුණා.

මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ කුමන මට්ටමේ හෝ ලෝක කුසලානයක් ඔවුන් ජයගත් පළමු අවස්ථාව වනවා.

මීට පෙර පැවති යොවුන් ලෝක කුසලාන තරඟාවලි හතරම ජයගනිමින් ශූරයන් බවට පත්වූයේ ඉන්දියාවයි.

මෙම තරඟය බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ පිටිය තුල කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

එම ගැටුම සමතයකට පත්කිරීමට විනිසුරුවන්ට සහ කණ්ඩායමේ දෙකෙහිම නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහකට ලක්ව ඇති අතර අදාල සිදුවීම පහතින්.







Related Recomands
Hiru TV News | Programmes