මහජන නියෝජිතයින්ට නිදහසේ වැඩකිරීමට හැකි වටපිටාවක් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු බිහිකරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට අද (02) සහාය පළ කළ නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ පැවති උත්සවයක් අමතමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස 2004 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි අචල ජාගොඩ, අමාත්‍ය විමල් වීරවංශ සමඟ එම පක්ෂයෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමට එක්වුණා. 2010 මහ මැතිවරණයේදී අචල ජාගොඩ පාර්ලිමේන්තුවට පිවිසුණේ නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි. කලක් ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර, පසුව ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටියා.
මීට අමතරව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ජනාධිපති උපදේශකවරයෙකු වන වී.පුත්‍රසිගාමනී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට එක්වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කර සිටියා. එමෙන්ම, හිරියාල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන කේ. ජයසිරි සහ ජයවර්ධන හේරත් මෙන්ම කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ තිළිණ ඒකනායක යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනෙකු මෙහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කළා. මේ අතර, තමන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරන බව වයඹ පළාත් සභාවේ නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් වෙඬරුව ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදියි.
කෙසේ වෙතත්, ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව වයඹ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කිංස්ලි ලාල් ප්‍රනාන්දු සඳහන් කළා. ඒ, නිදහස් සන්ධානය කොළඹ දී අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එම මාධ්‍ය හමුවට එක්වූ වත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චානක සෙනරත් කියා සිටියේ තමන් ද ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහාය පළ කරන බවයි.
Update: Friday, 02 January 2015 - 07:13 PM
-------------------------------------------------
සන්ධාන මන්ත්‍රී අචල ජාගොඩ මෛත්‍රීට සහය පළ කරයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි අද (02) පැවති උත්සවයකට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස 2004 වසරේදී මුලින්ම පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, අමාත්‍ය විමල් වීරවංශ සමඟ එම පක්ෂයෙන් ඉවත් වී ජාතික නිදහස් පෙරමුණ බිහිකිරීමට එක්වුණා. 2010 මහ මැතිවරණයේදී අචල ජාගොඩ පාර්ලිමේන්තුවට පිවිසුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි. කලක් ඔහු සංචාරක අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ අතර, පසුව ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු ලෙස පෙනී සිටියා.
මීට අමතරව, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ජනාධිපති උපදේශකවරයෙකු වන වී.පුත්‍රසිගාමනී සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මෙම රැස්වීමට එක්වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කර සිටියා. එමෙන්ම, හිරියාල සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා නියෝජනය කරන නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 3 දෙනෙකුද මෙහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට එක්වුණා. ශ්‍රී ලංකා විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ නිදහස් සේවක සංගමයේ සාමාජිකයින් පිරිසක් ද එහිදී පොදු අපේක්ෂකවරයාට සහය දැක්වීමට එක්වූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

Latest News
බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කාන්තාවන් ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
Local
06 September 2026
ඩෝරා අනතුරින් දිවි අහිමි වූ ලුතිනන් තිළිණට නාවික හමුදාපතිගෙන් අවසන් ගෞරව
Local
06 September 2026
තුන්වන පාසල් වාරයේ දෙවැනි අදියර හෙටින් ඇරඹෙයි
Local
06 September 2026
නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩාවැටී අයෙක් මරුට: 50ක් සොයා මෙහෙයුම්
Local
06 September 2026
රාජ්‍ය ගනුදෙනු ඩිජිටල්කරණයට - ලබන වසරේ සිට 80% ක් ගෙදර සිටම කරගත හැකියි : ජනපති බේරුවලදී කියයි
Local
06 September 2026
සේරුවිල ශ්‍රී ලලාට ධාතු 103 වන මහ පෙරහර වීථි සංචාරය කරයි
Local
06 September 2026
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026